Wednesday, December 25, 2013

ඉකි ගසා හඬන අතීතයක​ ( Iki Gasa Handana Athithayaka )

ඉකි ගසා හඬන අතීතයක​
කඳුලු එක්ක ගනු දෙනු කරනා
මට මගේ නොවන​
මගේම ආදරයක් තිබුනා

හීනෙන් හිනැහී තුන්‍යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ....

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කඳුලුම වගුරුවණා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා ....


No comments:

Post a Comment