අහස පුරා වැසුණු අඳුරු කඩතුරාව ඉරා පෑයූ මහ තාරකයාණෝ
ගොපලු ලොවක් කරා පිරුණු තේජසිරිය දරා මංගල සුපුවත පෑවාණෝ මංගල සුපුවත පෑවාණෝ
බොඳවුණු කඳුලැලි අතරින් හිස් අහසයි පෙනෙන්නේ
තරු කැට නිවි නිවි දිළි දිළි අප ගැනමයි කියන්නේ
බැටළුවෙකුගෙ කුර හඬක් ය රැයේ නිහඬ බිඳින්නේ
ඉකි බිඳිනා හඬ නොඅසා ලොව ඇයි මේ නිදන්නේ
සීතලේට බිම හෙළනා රෙදි කඩ ඇයි අඬන්නේ
උඹ නරකයි කැතයි ගඳයි කවුද උඹට
කියන්නේ
රජ මැදුරේ සිටු මැදුරේ දොර මොනවද දොඩන්නේ
ගොපළු ලොවට පායන දේ නැද්ද උඹට පෙනෙන්නේ
පුංචි පැලේ ගව ඔරුවේ කවුදෝ අර නිදන්නේ
අපේ රැහේ අපේ එකෙක් විය යුතුයැයි සිතන්නේ
රුවන් පුතෙක් රජ පැටියෙක් දේව පුතෙක් පෙනෙන්නේ
එවන් පුතෙක් ඉදිරියෙ මැයි මේ දණ නම් නැමෙන්නේ
Me githikawa kohewath hoyaganna nane plzzzz ewannako
ReplyDeleteMe githikawa kohewath hoyaganna nane plzzzz ewannako
ReplyDeleteWhat is the meaning of this carol
ReplyDelete