වවුලා වගේ රෑ තිසිසේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බනී ලේට් වුනොත් ගිහින් එන්නද මං //
මුට්ටිය ගහ මුලදිම ඉවර කෙරුවෙ මං
බෝතලේ ඇරපුවාම චියර් කෙරුවෙ මං
රෑ දවල් ගතවුනාට සැලකුවෙ නෑ මං
දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //
කොවුල වගේ ....
ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
නිවඩු නැත්නම් මෙඩිකල් දාපු එකා මං
ඕවටයිම් කිසිදවසක කරලම නෑ මං
දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //
කොවුල වගේ ....
නයින් තර්ටි ශෝඑකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං
දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //
කොවුල වගේ ....
Ela
ReplyDelete