මිනි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහෙනමින් දුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත මගෙ මඩින්න මාර සෙන් වඩින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවනින් බෝපත් අතරේ වැදු අම ගසින්
පවසින් දහමේ නැවුනේ දම් අමා රසින්
කැනි මඩල පලාලා
සුනුවිසුනු කරා මැදුරත්
යලි මැදුර සදාලා ද
වෙහෙසුමක් තොපට නැත්තේ
මම දමින් උදම් වී
නඳ දුන්නු රාජ මිහිදෙක්
දැහැමින් බවුන් වඩයි
නෙරන්ජන නදි තීරේ
ලඹසවන් රන් පටින් ...
දසදහසක් සක්වතල එකම්පිතවෙවී
දසදහසක් ලෝදාතුව ගුගුලුවා හැලී
ස්දෙවු බඹ සුරන සේනා සාදුකාරදී
පරසතු මල් ගන්ඬ විලවුන් දෙපා මුල පිදී
කැනි මඩල පලලා ....
No comments:
Post a Comment