Tuesday, April 22, 2014

සැනසුම් සුසුමන් පාවීලා ( Sanasum susuman paaveela )

සැනසුම් සුසුමන් පාවීලා 
සඳ කැන් වතුරෙන් නෑවීලා //
තරුමල් අතරින් රිංගලා
කොහි යන්නෙද මා තනි කරලා //

රෑ සඳපානේ සීතල පවනේ
නාමල් අරණේ ලා දළු සෙවනේ
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවුණු අතීතය මතකද මිහිරේ //

සැනසුම් සුසුමන් ....

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා //

සැනසුම් සුසුමන් ....

No comments:

Post a Comment