Friday, December 13, 2013

හිත දුර හන්දා නෙතු ලඟ හංඟා

හිත දුර හන්දා නෙතු ලඟ හංඟා
සිහින ගනින හිංඳා 
තනීකම හංඳා ඈතක රන්ඳා මතක හිත ඇහින්ඳා
අරුත කියන සෙනේහේ නුඹම වේවිද මඳා

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි විඳිනා
නොමැකෙන සේ හදවතේ හින්දා නුඹ​
අලුතෙන් පතනා

හිත දුර හන්දා නෙතු ලඟ හංඟා...

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඬවෙන සිත ලඟ තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා 

හිත දුර හන්දා නෙතු ලඟ හංඟා ...


No comments:

Post a Comment