තනිකම දැනුනා අඳුරේ
පැතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුනු පෑයූ දා
ඔබ හා මා එක්වුදා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා
විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
අසිරි හඞ දිලා මංගලම් කීවා
සුවඳින් පිරි හසරැල් ඔබේ මගෙ මුවඟට ලං වූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
ඔබ ළඟ නැති මේ සසරේ ......
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ .......
No comments:
Post a Comment