රෑ
තරු බබළනවා
මල්
පිපිලා වාගේ
එළියෙන්
නැහැවෙනවා
මල්
වැහැලා වාගේ
රැව්
පිළි රැව් දෙනවා
ගීත
නාද වාගේ...//
බිළිඳෙකු
හිනැහෙනවා
මුහුදක
රැළි වාගේ
සීත
සුළං එනවා
උයනක
සිරි වාගේ
ගොපළුන්
දුර එනවා
පැණි
බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
පොපියන
කුසුම් වගේ
තුරුලක
පෙරැලෙනවා
හිම
මත හිම වාගේ
No comments:
Post a Comment