Saturday, December 14, 2013

රහසේ හඬනා අප හැඟුම්

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳ පායනා රැයේ
දිලිසේ තරූ සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම් .....

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්.....




No comments:

Post a Comment