Saturday, December 14, 2013

ගඟ අද්දර

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
ඔබේ රුව ඡායා සැඟවේ පායා

මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබේ රුව ඡායා සැඟවේ පායා //



No comments:

Post a Comment