ඈත කඳු කරෙන එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමරියේ අමතක නොවේ
ලස්සන රුවේ සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරලේ තනිවුනු මොහොතේ
ඈත නිල් වලල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
සිත කැලඹුනේ ඇයි නොම දැනේ
කීදෙයක්ද අරුමයක්ද
මට සිතා ගන්න නොදී
දෑස පියා ගත් කළ ....
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවු සතුටින් හසරැල් පිරිලා
මතකය මගේ අවදි උනේ
ඒ එදාය මේ මෙදාය
මට සිතා ගන්න නොදී
දෑස පියා ගත් කළ ...
No comments:
Post a Comment