මුහුදු රැල්ල ඔස්සේ
ඔරුවක් පැදයනවෝ
නිම් වලල්ල ඔස්සේ
ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා
ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා
අපි මාලු බාලා එනවෝ
ඔරුව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ
අපි මාලු බාලා එන්නේ //
දෑතේ සවිය ගන්නේ
ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාලු බාලා එන්නේ //
No comments:
Post a Comment